Book Reviews – Senkottan (සෙන්කොට්ටන්)


Author: Mahinda Prasad Masimbula

Rating: 10/10


When I first read ‘Senkottan’, I made a deal with myself never to read it again. And evidently, I failed, again, for the third time. Here’s why I decided never read this book, and yet, why I continue to fail to do so.

First of all, the ending is unbearable — that’s something everyone can collectively agree on.

But, most of all, this book ruined all the Sinhala literature for me.

Because everything else seemed insipid afterwards, even though some books come close, it’s clear that no other book can possibly compete with this masterpiece.

Mahinda Prasad Masimbula, the author of this debut novel, told a reporter that all of his colleagues had told him not to write again. Because they believed that even him, the author of the book, would never be able to better this novel. That idea might seem ridiculous, but only until you read the book! Fortunately for all of us Sinhalese readers, by writing such good books that come very close to this pinnacle of a novel, he continues to prove his colleagues wrong.

Despite all of my efforts to not read this book again, I always come back because even though I would rather not freshen my memory of the context, it’s impossible to ignore the profundity of the artform which he painted such disturbing scenes with.

The above is not a review, but rather a complaint in it’s highest respectful form. The review is written in the same language as the book, for you must use a diamond to cut a diamond.

Senkottan (සෙන්කොට්ටන්) Review

‘මිනිස් වර්ගයාගෙන් බිහි වූ අන් සුසුම් සහ නෙක හැගුම් ද අතුරුදන් ව ගියා නො වේ. සොබාදහම ඒවා සියල්ල එක්කාසු කරගෙන ඉන්නවා විය යුතු ය.’

අප වයසින් වැඩෙන්නට වැඩෙන්නට, උසස් කලාකෘතියකට අප විසින් තබන මිනුම් දණ්ඩද එපමන අගයකින්ම ඉහල යන බව නොසැකයකි. කෙසේ උවත්, කලාතුරකින්, යම් කලාකෘතියක් ඒ සියලුම සම්මත උගුලා දමා අප පුදුම කරවන්නට සමත් වෙයි. ‘සෙන්කොට්ටන්’ යනු එවනි වර්ගයේ නවකතාවක් බව පුදුම වීමට කරුණක් නොවේ.

සෙන්කොට්ටන් නවකතාව ගෙතී ඇත්තේ තවමත් අතින් පතර අප සමාජයේ පවතින ඒ කුප්‍රකට ගුණය, ‘කුල භේදය’ සන්වෘත කරගනිමිනි. මේ ඒ භේදයන්හී උච්චතම කාල පරිච්චේදයකි. නව හැවිරිදි ‘බබා හේනයා’, නවකතාවේ ප්රධාන චරිතය, තමන් වටා දිගහැරෙන මේ අමිහිරි, අසාදාරණ ලෝකය දෙස කුතුහලයෙන් බලා සිටියි.

කතුවරයාගේ ප්‍රතිභාපූර්ණ වාග් විලාසය නවකතාවේ සාර්තකත්වයට ප්‍රදානම හෙතුවක් බව පෙනී යන්නේ නවකතාවේ මුල භාගයේ සිටදීමය. පීඩිත පන්තියේ ජනවහර, භාශාවටම සීමා නොවන බවත්, ඔවුනොවුන් සිත් හී දරාගෙන සිටින දාරාණිපාත වේදනා කන්ද, වාගි විලාසයේ ද නොගැලවිය හැකි සේ ඇමිනී ඇති සෙය මනාවට පිලිබිබු කරලන්නට කතුවරයා අති සාර්තක ප්‍රයත්නයක් දරයි.

නවකතාවේ මා දුටු තවත් සිත්ගත් තේමාවක් වූවේ නොයෙක්විද අපහාසයන්, සිත් රිදීම් සමග ජීවත් වන්නට සැමවිටම දිරි දුන් ‘ආගම’ පෙරදැරි කරගත් සන්ස්කෘතික වටපිටාව නවකතාවේ මුල සිටම අපූරුවට පෙන්වාදී තිබීමයි. එම තේමාව ඔස්සේම තවත් පියවරක් ඉදිරියට තබන්නට කතුවරයා සමත් වී ඇතැයි වරකට සිතෙන්නේ, ජීවිතය සමග වෙර අදින මේ දුක්බර මිනිසුන්ට ‘බුද්ධාගම’ කෙතරම් පිටුවහලක් වී ඇත්දැයි අවධාරණය කරන අතරතුරම, ආගමක අප නොසිතනා තැන් ඉතා සන්වරයෙන් හා කුතුහලයකින් ස්පර්ශ කරන්නට කතුවරයා සමත් වී ඇති බව මෙවැනි සන්වාදයන්ගෙන් සපත වන නිසාවෙනි.

“දැන් බලමු බුදු හාමුදුරුවො… උන්නාන්සෙ උපන්නේ මහ රජ පෙළපතක. ඒක නෙවෙයිද ඔය බලසම්පන්නකමට මුල? ඉතින් අපි මුක්කු ද? අන්න එහෙම කල්පනා කොළෑම අහවර නේ…”

මේ සියලු දේ දරාගෙන, අනුන්ගේ කිලිටි වස්තෘයන් සේදීම තමාගේ ජීවන වෘර්තිය වුවත්, තමන්ගේ ගරුත්වය කිලිටි නොකරගැනීමට වීරප්පුලි හේනයා තමන්ගේම මනසත් සමග යෙදෙන සදාචාරාත්මක අරගලය, සමාජයේ අප නොසිතන, සැලකිල්ලක් නොදක්වන පැතිකඩකට ගසන ලද කාලීන මඩ ප්‍රහාරයකි.

“තමාට තිබුණේ බබා හේනයා යැ නොකියා බබා සිඤ්ඤෝ වැනි නමක් කියන්නට ය. එහෙත් මුසා පැවසීම නොහොබිනා කටයුත්තකැ යි ඔහු බුදු බණේ අසා තිබුණේ ය. ඒ නමුත් නමෙන් බාගයක් හරි ය. එහෙත් නමෙන් අඩක් මුසාවක් බව තමාගේ සිත දනී: දැනදැන මුසාවක් කී විට එය සිතට වදයක් වනු ඇත. ඒ වදකාර සිතිවිල්ලට වඩා මේ කණගාටුව හොද ය.”

‘සෙන්කොට්ටන්’, එක වරක් කියවූ පසු අමතක වන ගනයේ නවකතාවක් නොවේ. ඔබ එක් වරක් කියවූවේ නම්, යලිත් කියවනු ඇත. බබා හේනයාලා, වීරප්පුලි හේනයාලා යලිත් ඉපදී නිහඩවම මිය පරලොව යනු ඇත. ඔවුන්ගේ ඒ අතිමහත් කැපකිරීම් වලට, හිතේ දරාගත් අතිමහත් සුසුම් වලට, මේ නවකතාව උත්තමාචාරයක් වූ බවනම් සක්සුදක් සේ පැහැදිලිය.


Images courtesy: Gunasena books


Aruna Kumarasiri
Aruna Kumarasiri

Founder at Proactive Grad, Materials Engineer, Researcher, and turned author. In 2019, he started his professional carrier as a materials engineer with the continuation of his research studies. His exposure to both academic and industrial worlds has provided many opportunities for him to give back to young professionals.

Articles: 56

Did You Enjoy This?

Then consider getting the ProactiveGrad newsletter. It's a collection of useful ideas, fresh links, and high-spirited shenanigans delivered to your inbox every two weeks.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *